Monday, May 21, 2018

මාරාලන්තයෙන් බිදක් !

පෙරේරා - කොහේද ගිහින් හිටියේ දැක්කෙත් නැහැ හුග දවසකින් මිස්ටර් සිල්වා,

සිල්වා - මමත් හිතුවා මේ 20-20 තරගෙට ඉදිරිපත් වෙන්න කියලා, ඉතින් ඒකට ලැස්තිවෙවි හිටියේ,

පෙරේරා - ඔවාට ඉතින් වියදම් කරන්න කෝ සල්ලි?

සිල්වා - ඔය හොරකම් කරලා යටි මඩි ගහ ගත්ත කෙනෙක් ඉදිරි පත් වෙයි අයිසේ,

පෙරේරා - එතකොට මිනිහා නිකම් සල්ලි වියදම් කරයිද එහෙම? අර කතාවට කියනවනේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා,

සිල්වා - මිනිහා ඔනේ එකක් ලෙවකා ගත්තාවේ මිස්ටර් පෙරේරා, මට තියෙන්නේ දැක්කේ නැහැ වගේ ඉන්න එක විතරයි,

පෙරේරා - ඉතින් මිනිස්සු කැගහන එකක් නැති වෙයිද මිස්ටර් සිල්වා,

සිල්වා - මිනිස්සු ඔහේ කැහපුවාවේ, අපිට තියෙන්නේ ඇහුන් නැහැ වගේ ඉන්න, ඔය දැන් අපුරුවට දෙගොල්ලක්ම කරගෙන ගියේ,

පෙරේරා - තමුසේ තමයි මිනිහා දවසකටවත් මිනිහා මිස්ටර් සිල්වා. මටත් ඉතින් බලලා හොද හැන්දක් දෙනවකෝ එපා නොවෙන්නම බෙදා ගන්න,

සිල්වා - බලමු බ්ලමු ඔවට තව කල්තියෙනවනේ මිස්ටර් පෙරේරා, අනික ඉතින් යාලුවෝ අමතක කරන ජාතියේ මිනිහෙක් නෙමේ නේ මේ සිල්වා.

No comments: