pub-2931617855115071

Friday, February 06, 2015

අටමස්ථානයට එරෙහිව නමස්ථානයක් හදා අටවැනිදා පැරදී නමවැනිදා ගෙදර යාම !


බුදු වසරින් නව වැන්නේ සුගත තථාගත සම්බුදු රජාණන් වහන්සේ සිරිලකට වැඩම කොට මහමෙව්නා උයනෙහි රන් ත...ෙළඹු රුක් සෙවණේ සමාපත්ති සුව විහරණය කළ සේක.

එසේ රන් තෙළඹු රුක පාමුල වැඩ සිටිමින් බුද්ධ නේත්‍රා මණ්ඩලයෙන් අට වතාවක් නෙත් මඬල විහිදුවාලූයේය.

ඉක්බිතිව ඒ අට තැනටම වැඩම කළ උන්වහන්සේ උතුම් බුද්ධ ස්පර්ශයෙන් පවිත්‍ර කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමි බවට පත් කරන්නේය.

මෙසේ පිහිට වූ අටමස්ථානයඑතැන් පටන් මෙරට පූජනීය ධර්ම කේන්ද්‍රස්ථාන අට බවට පත්වන්නේය.

දේවනපෑතිස් රජ තෙමේ ථූපාරාමය ස්ථාපිත කරමින් ඇරැඹි අටමස්ථානය පිහිටුවීම මහසෙන් රජතුමා ජේතවනාරාමය බැඳ වීමෙන් පූර්ණත්වයට පත් වන්නේය.

එබැවින් අටමස්ථානය සිරිලක් සසුන් සම්ප්‍රදාය සේම රාජ සම්ප්‍රදාය වසර 2557 මුළුල්ලේ නොකිලිටිව, පිරිසිදුව පවිත්‍රව හා වන්දනීයව රැකගත් අපේ ජාතික සම්මතය.

ඓතිහාසික සිරිතය.

අටමස්ථානය මහමෙවුනා උයනේ සම අට දුරින් පිහිටුවූ ගණිත සූත්‍රයකි.

ගෞතම තථාගත බුදුන් වහන්සේ මෙම ස්ථාන අට බුද්ධ පාරිභෝගික භූමි බවට පත් කරන්නේ බුද්ධ රාජ්‍යයේ බුදුවරු අනුදැන වදාළ බුදු සිරිත අනුව යමින්ය.

මන්ද මෙයට මත්තෙන් කකුසද, කොණාගම, කස්සප පෙර බුදුවරුන් වහන්සේලා ද මෙම භුමි මස්තකයට වැඩම කොට ශුද්ධ භුමි බවට පත් කොට ඇත්තේය.

එය මතු බුදු වන මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ද ඉටු කරන බුද්ධ රාජ්‍යත්වයේ බුද්ධ චාරිත්‍රයකි.

කෙසේ නමුත් බුදු දහම අනු දකින අටලෝ දහම ස්වකීය ජීවිත දහම බවට සිංහලයන් පත් කර ගන්නේ අටමස්ථානයධර්ම නිමිත්ත බවට පත් කර ගනිමිනි.

මේ ධර්ම නිමිත්ත ජීවිතය දෙස උපේක්ෂාවෙන් හා මැදහත්ව මෙනෙහි කිරීමෙකි ජාතික අභ්‍යාසය ජාතියට ලබා දීමකි. එම නිසා අටමස්ථානය බැඳි පෙර රජවරු අසහාය වන්නේය.

අමරණීයත්වයට පත් වීම පිණිස මහ සෑයක් බැඳීමේ දොල පිපාසයක් ලක් රජ කිරුළ දැරු සමහර රජවරුන්ගේ ආශාවක් වූ හැටි ද පෙනේ.

ඒ පිළිබඳ මතු මත්තේ ඇතිවන ඇලීම ආශාව නිසාම ගෞතම බුදු රජුන් වහන්සේ අටමස්ථානයට පිටින් තවත් ස්ථාන දොළසක් වෙත වැඩම කොට සමාපත්ති සුව විහරණය කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භුමි කොට තිබුණි.

ඒ සියල්ල ද පූජා භූමි ලෙස ස්ථාපිත වීමෙන් සිරිලක සොළොස්මස්ථානබිහිවන්නේය.

එබැවින් යම් රජකුට අමරණීය වීම පිණිස මහාසෑයක් බැඳ තැබීමට තවත් ඉඩක් නොවීය.

මේ ධර්මතාව බලයෙහි මුදුනට නැඟි කිහිප දෙනකුම අමතකව යන්නේය.

ධර්මතාව පිළිබඳ ලොව ගැඹුරු හා සුමට දහම රකින පාලකයා ලෙස ලක් සිහසුන හිමි වූ සෑම රජු දරුවෙකුම පත් වන්නේ නිරායාසයෙන්මය.

එබැවින් ලක්දිව පාලකයකුට රැකීමට පෙර සිරිතනමින් උරුම සිරිතක් වන්නේය. එය බුදු සිරිතට බැඳුණ ලක්දිව රජ සිරිතය. ඒ වගේම ජන සිරිතය.

එය සිරිලක දේශපාලන සිරිත ද වන්නේ එබැවිනි. පෙර සිරිත කිළිටි කිරිම වූ කලි ධර්මතාව කිළිටි කිරීමකි.

ඒ නිසා ලක් විහාර සිරිත යමකු තම ලෝල ආශා සංතර්පනය පිණිස භාවිත කළේ නම් ඒ බුදුන් වහන්සේ සිංහලයාට අනුදැන වදාළ ධර්ම විනය ද අනුබුදු මිහිඳු මහ තෙරිඳු විදහන කළ ආරාම සිරිත ද කෙලෙසා දැමීමකි.

සිරිලක් දිව අසහාය දේශප්‍රේමී මහරජ වන්නේ දුටුගැමුණු නිරිඳුය. මහ මිහිඳු මහ තෙරිඳු නියමයෙන් මහාසෑය ස්වණමාලිය බැඳවීමේ ඓතිහාසික පූජා උරුමය උරුම වූයේ ඔහුටය.

ඒ සඳහා රන් තෙළඹු රුක්ෂ රාජයා කපා ඉවත් කිරීම ද ගාඩි වංශය ඝාතනය කිරීමට ද කෙළවර වන්නේ මහසෑයේ රන් කොත තබනට පෙර මහ රජ ගැමුණු මහසෑයේ මස්තකය පාමුලම නාග ප්‍රහාරයට නොසිතූ නොපැතූ ලෙස ඝාතනය වී රජකම අහිමි වීමෙනි.

මහ සෑයටත් උඩින් ජේතවනාරාමය බඳින්න මහසෙන් රජතුමා ගත් ඓතිහාසික වරද කෙළවර වන්නේ ඔහුට එරෙහි මාරක දේශපාලන කැරැල්ලක් පැන නැඟී ඉතිහාසයෙහි මහ මෙහෙයක් සමඟ කළු පැල්ලම් තවරා ගැනීමෙනි.

ඒ වගේම අදටත් එහි අන්කොත තබන්න බැරි වීමෙන්ය.

අටමස්ථානය තනන්නට උරුම අයිතිය ලැබූ රජුන් දෙදෙනාම ධර්මතාවට උඩින් ගමන් කොට අත්පත් කරගත් ඛේදනීය ඉතිහාස පාඩම එයය.

එත් ලෝල ආශාවට නිමක් නැත. මහා පරාක්‍රමබාහු රජතුමා අසහාය වීම පිණිස තමනට අඩු එකම දේ මහා සෑයක් බැඳවීම බව දුටුවේය.

මේ අසහාය නරපතියා දැදිගම තම මවු භූමියේ කොට වෙහෙර ද තම ජය භූමියෙහි යුදඟනා මහා සෑය ද මුල පුරන්නේය.

එ මහා සෑ දෙකට රුවන්වැලි මහා සෑය ජේතවනාරාමය පරයන තරම් මහා සුවිශාල සැලසුමෙන්ය.

ඒත් මහරජ පරාක්‍රමබාහු මේ මහා සෑ දෙකටම මුල් ගල බැන්දුදාම මාරක දේශපාලන කැරැල්ලකට මුහුණ දෙන්නේය.

පුදුමය ඔහුට මහාසෑය බවට තම සෑ දෙක පත්වන තුරු ඉවසීමක් නොවීය.

රජ තෙමේ සෑය බඳින්නට පෙර මහා උත්සවයක් සිදු කොට රටම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද කර ධාතු තැන්පත් කොට පුලතිසි නුවර පැමිණියේය.

ඒත් ඔහු ලක් කිරුළ දරා සිටියේ එදායින් පසු දින එකොළොසකි.

රජ කිරුළ හැර දමා ඔහුට මිය යන්නට සිදු වන්නේය. ලක් වෙහෙර සිරිතට බැඳි රාජ කථාව දිව යන්නේ එසේය.

ඒ රාජ සම්මත යුගයේය. ජන සම්මත යුගයෙන් කථාව මෙබඳුමය.

මහ සේනානායක ඩී. එස්., අගමැතිඳු කොට වෙහෙරට යළි කොත පළන්දන්නට දින නියම කර ගෙවි ගියේ දින විසිතුනකි.

අශ්වයා මතින් වැටී ඒතුමාණෝ අතර මගදි මිය යන්නේය.

ලක්දිව පළමු විධායක ජනපති ජයවර්ධනයන් වෙහෙර සිරිතට පිටින් මිරිසවැටි මහා සෑයට රන් කොත තබන්ට මුල පුරා යළි රජ ගෙදර එන විට ඔහුට එරෙහිව මහ කැරැල්ලක් මහ පාරට ඇවිත් ඔහු ගෙදර යන්නේ අපවාද මැදින්ය.

ලක් රාජ්‍ය මතු මත්තේ පාලනයට වරම් ලබා තිබූ ගාමිණි දිසානායක මහවැලි මහසෑය තැනවීමට මුල් වන්නේ වැරැදි සිරිතකිනි. එහු අතරමඟදී ජාතියට අහිමි වන්නේය.

මේ සියල්ල අහිංසක මෝඩකම් යැයි කිව හැකිය. ඒත් මේ සියල්ල ජාතියට කියා දී ඇති ධර්ම පණිවුඩය ගැඹුරුය.

එනම් අසහාය වීම පිණිස යමකුට ආශා ඇති වුවද ඒ සඳහා මහ සෑයක් බැඳීම සිදු වී අවසන්ය.

ඒත් එය පිළිගන්නට මැළිවන්නේ සොබා දහමට උඩින් සිතීමට යාම නිසාය.

මේ උඩඟු කම කෙළවර වන තැන අටලෝදහම අටමස්ථානය නමින්ම සනාථ වන තැනය.

ඒත් උදේත් දහවලේත් රාත්‍රියේත් සංඝයා වහන්සේ යළි පිරිවරාගෙන සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ අටවස්ථානය මධ්‍යයෙහි සඳහිරු සෑය නමින් නමස්ථානයබැඳ පෙර සිරිත කිළිටු කරන තරම් උඩගු වූයේය.

අතීතයේ මහා සෑ සිරිත වරදවා ගත් අය මේ වරද සිදු කළේ මහමෙව්නා බුද්ධ පරිභෝගික ශුද්ධ භූමියෙන් පිටතටය.

ඒත් අවාසනාව වන්නේ රාජපක්ෂ මහතා ඓතිහාසික කිළිටු කිරීම එම ශුද්ධ භූමිය තුළම සිදු කිරීමය.

නමස්ථානයපිහිටුවීමට ජය සිරී මහ බෝ සමිඳුන් වහන්සේට සිසිලස හා රැකවරණය සැලසීමට රෝපිතව තිබූ පරිවාර බෝධින් වහන්සේලා විසිඑක් නමක් කපා ඉවත් කරන්නේ ක්‍රි. ව. 2011. 11. 18 රාත්‍රියේය.

නැකත දුන් ජෝතිර්වේදියා නැකත දී තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ උපතින් වසර හැටහත පිරෙන දවසේය.

නමස්ථානය බැඳ වීමට භාවිත කළ මහමෙවුනා උයනේ භූමිය කණින විට එහි තිබූ කෞතුක භාණ්ඩ හා කෞතුක සම්පත සියල්ල කඩිමුඩි ලෝල ආශාව නිසා ද අතුරුදන් වන්නේ සහවැසි සගයන් අතට පත්වීමෙනි.

රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයට අට අවුරුද්ද නිමා වන්නේ 2015. 11. 19 දාය. 2014. 11. 27 දා එතුමාණෝ සඳහිරු සෑයට ධාතු තැන්පත් කරන්නේය.

නමස්ථානයට ධාතු තැන්පත් කළේ විහාර සිරිත ද සඟ සිරිත ද කෙලෙසා දමමින්ය. වෛද්‍යන්ත පුස්තකයනමින් සිංහලයන්ට විහාර සිරිත බැඳි අත්පොතක් වේ.

එහි ඇති නියමය අනුව චෛත්‍යයක ගර්භය නමින් කොටසක් ඇත්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමටය.

ඒත් ඉක්මන හා අසහාය අමරණීයත්වය ගැන මෙනෙහි කළ ධර්මතාවට පටහැනි ගමන නිසා සියල්ල බලයට යටත් යැයි හැඟීමක් හිටපු ජනාධිපතිතුමාට පහළ වී තිබුණි. ඔහු ධාතුන් තැන්පත් කළේ නමස්ථානයෙහි ගර්භය බඳින්නට පෙර පේසා වළල්ලෙහිය.

මේ අපවිත්‍ර වීමේ ප්‍රතිඵල වූයේ අටමස්ථානය මහා ගංවතුරෙන් යටවී රටම සොබාවික විපතින් දෙදරුම් කෑමය.
නමස්ථානයට ධාතු තැන්පත් කොට හිටපු ජනාධිපතිතුමා අරලියගහ මැදුරට පා තබන්නට පෙර අසහාය රජයක් සීසීකඩව බිඳි යාමට පටන් ගැනීමය.

මේඝ ගර්ජනා අනෝරා වැසි නාය යෑම් මැදින් රජරටත් රට වටේත් මහ විපත් ඇති වී ජනතාව අනාථ වීමෙනි.

අවසානයේ අටමස්ථානය කිළිටි කළ එතුමාම අට වැනිදාවකම පරාජය වී තිබුණි. අටමස්ථානය නමස්ථානය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නවවැනිදාට ගෙදරට යන්න සිදුවිය.

මේ සිහින කථාවක් නොව අද්භූත පාරභෞතික හිතළුවක් නොව ධර්මතාවයත් සමඟ බැඳි ධර්මතාවයය.

ධර්මතාව පසක්කොට කෙලෙස් නැසූ ගෞතමයාණන් වහන්සේ නවඅරහාදීය. ඒත් උන්වහන්සේ ගිහියන්ට කීවේ අටලෝ දහමට අවනත වන ලෙසය.

ඒ අටලෝ දහමේ ධර්ම නිමිත්ත බවට පත් වූයේ අටමස්ථානයය.

ඒ නිසා නමස්ථානයක් බැඳ විය හැක්කේ, අටලෝ දහමින් නිවී ගිය නව අරහාදී බුදුගුණ බලය හිමි ලොව්තුරා බුදුවරයකුට පමණය.

බුදුවරයකුට පමණක් කළ හැකි කාර්යයක් ගිහියකු කරන්නට යෑමෙන් විපාකය සජීවීව දැකගත හැකි විය.

ලක්වැසි අප සැවොම 2015 ජනවාරි 8 වැනි දා දුටුවේ ද ජනවාරි 9 වැනි දා අත්දැක්කේ ද ඒ ධර්මතාවයයි. ඒ කියන්නේ අටමස්ථානයට එරෙහි වූ පාලකයකු, නවස්ථානය තැනූ පාලකයකු අටවැනිදා පැරැදී නව වැනිදාවක ගෙදර ගිය සැටියය.

මහානාම මහ තෙරිඳු ධර්මතාව රකින රාජ දේශපාලනය බැඳ මහාවංශය පද බැන්දේ ඒකය. මහා විහාර සිරිත කෙලෙසූ අකුරේ මහින්ද අකුරේ මෛත්‍රී යොදවා පරාජය කළේ මේ ධර්මතා සත්‍යය අනුවය.

එබැවින් මේ ජනවාරි 8 වැනිදා සිදුවූයේ අටමස්ථානය සමඟ බැඳුණු ධර්මතාව ධර්මස්ථානයෙන් පසක් කළ සොබාදහමේ ධාර්මික විප්ලවයයි.

සුජිත් අක්කරවත්ත


Wednesday, January 14, 2015

Misconceived Notion of Some Tamils.

Misconceived Notion of Some Tamils

By Sasanka De Silva - Sultanate of Oman

It is a common and general misconception that the Tamils in Sri Lanka
took arms against the Sinhalese because of the discriminatory practices
by the latter against the minority Tamils.

There are two types of Tamils in Sri Lanka. One is the Sri Lankan
Tamils and the others the Indian Tamils. The latter were brought to the
island by the British to work in Tea plantations. They comprise 5.6% of
the population. On the other hand, the Sri Lankan Tamils whom the LTTE
terrorists claim that they are duty bound to liberate and are calling
for the Eelam are 12.6%. Out of which, 6.5% live in the Northern part
of Sri Lanka, 2.7% in the East and the rest, 3.4% live in the other
parts of the country.

If the discriminations against the minority were so prevalent then the
numbers would have drastically been different. Almost half of the Sri
Lankan Tamils are living side by side with the majority and other
ethnic groups in Sri Lanka in other parts of Sri Lanka. It is a fact
none can deny.

The Tamils in Sri Lanka or for that matter any minority is free and
entitled to live anywhere in the country, free to own properties or
run business, practice their religion & customs, to have Education in
his own choice of language, obtained Employments, Medical and Health
benefits, like the majority of Sinhalese. Perhaps there may have been
isolated cases of Tamils being denied employment opportunity in one of
the key sensitive areas of employment such as National Security for
that matter. Given the prevailing War scenario in the country, can
anyone be blamed for such actions and it may have been done only
because of the sensitivity of the issue and not because of the minority
state of that person.

Furthermore, there are special Public holidays declared by the majority
Sinhalese government on important Hindu religious and festival days to
enable the minority to celebrate and partake in their own religious
and cultural festivals.

Every Government document is printed in all three national languages
and Tamils are free to submit them in their own mother tongue, may it
be the Birth registration, School Admission, Marriage Certificate to
Death Certificate.

All the road maps are printed in all three languages and every public
transport services routes are displayed in all three National languages
and not to mention the road signs. Even if you go to any part of the
furthest south of the island, one would find everything is available
even in Tamil as well.

I think that this is a very unique situation, although some Tamils who
have other vested interests in this so-called minority (or read
Terrorist) issue do not wish to accept it. Otherwise, how could they be
able to reap the benefits from the developed western counties, while
staying there as political refugees in those countries? No war means No
more staying there in comfort.

I believe that no Tamil living (I think except the ones living in Tamil Nadu) in any other part of the world, let it be in India, Singapore, Malaysia, Fiji etc or the ones that
are barking from those places like United Kingdom, Canada, Australia
and other developed countries have such privileges and benefits, like
the ones that are enjoyed by the minority Sri Lankan Tamils, while
living in as a minority as well in those places. If that is what, one
calls the discriminatory practices of the majority Sinhalese against
the minority Sri Lankan Tamils, then either the person does not know
the meaning of the word Discrimination or he is a hypocrite.

Thai Pongal is a declared public holiday in Sri Lanka but it is not in India today.

Ask yourself why and then you will realize that Sri Lanka is the best place for any minority to live.

This was written and appeared in the Daily New newspaper in Sri Lanka in Mid 2000.
I am reposting this not to engage in any debate or arguments again but simply for the benefit of a few who have shown sign of  " Selective Amnesia " after the recent Presidential election in 2015.

Thursday, December 18, 2014

Unless we call a spade a spade

Finding cure for
AIDS, Ebola and or cancer
Would be like climbing an ant’s hill
Compared to
Finding cure for
Hypocrisy, which is of Himalayan proportion.

Nalanda, Bamiyan, WTC
Sydney and Peshawar too
Sadly have joined the list now.

The list getting longer
And no cure in sight
At least a respite?
Unless we call a spade a spade
And take the bull by the horns.

Monday, December 15, 2014

What Makes Living Interesting.

Favorite stuffs on mobile devices

Headsets on and lost to the world

Missing out on the birds chirping

Rustling of leaves in the wind

Child’s laugher or

Chiming of distant bells.



Detail plans

First is more elaborate than the other

Assuming always

If A fails

Then B would take over instantly.



Efforts to be in Control

Trying to vet everything

And every time

Takes the fun out of living.



Life is a gift

Something to be enjoyed un-vetted

Unwrap it and be amazed

Not knowing what’s in there

Makes living interesting.




Sunday, December 14, 2014

මාරලන්තය !

ගුරුතුමි - හා කියමු බලන්ඩ හමුදාපති කෙනේක් නැතුව යුද්දයක් කරලා දිනපු එකම රට මොකක්ද කියල?

ළමයා - මිස් ඇමරිකාව,

ළමයා - මිස් රුසියාව,

ළමයා - මිස් චිනේ වත් ද ?

ගුරුතුමිය - ඔලුගෙඩිය ..... මේ ළමයින්ට මෙච්චර ඉක්මනට අතීතේ අමතක හැටි.

මතකනැද්ද අර කොටි කියලා බයවෙලා හිටපු පුස්පැටවු ටිකට මොකද උනේ කියලා.

කෝ දැන් මීක් කියලා සද්දයක් තියෙනවද.

ඔය ඉන්නේ හොදට රජ සැප පිට කිරි බිබී.

කෝ ඒ කාලේ හමුදාපතියෙක් හිටියේත් නැහැ නමුත් යුද්දේත් කම්මුතුයි නේ?

ළමයිනේ මතක තියාගත්තොත් හොඳයි ..... 

මේ රට කියන්නේ තමයි "මාරලන්තය".

Wednesday, November 19, 2014

Are We Ready ?

Are We Ready

The above was written a long time ago and there is a likely big political change is on the card soon.

Are we ready for this change?

Tuesday, November 18, 2014

Missed Opportunity ?

A few years ago at the annual book fair at BMICH, I saw a small girl browsing through lots of books and finally settled for a translation of one the famous Russian writers of yesteryears.

She turned to her parents with pleading eyes.

Mumbling something to her ears, parents put the book back down gently on the heap and ushered the pleading girl away from the counters.

I asked my wife, “Should I give her some money or buy her that book”?

Do not embarrass the family and they may not even like it”, my wife warned me.