Posts
තෙල් පෝලිමේ හමුවන සුබවාදී දර්ශණිකයෝ !
- Get link
- X
- Other Apps

අතේ ඇති සොච්චමත් දුරකථන වලටම පුදනවා සකබර්ගට පිං සිදුවෙන්න සියල්ලම දන්නවා. රෝද තුන උඩ ඉදන් පාර දිගේ බලනවා බංඩා හරි වීරයෙක් යටි සිතෙන් හිතනවා ඉන්න තැන කොතනක්ද ලේ විලක් මවනවා. දරු දෙන්නා දහම් පාසල් යවා ගන්න බැරි වුනා ලොකු සාධු මක්කියයිද මහ හඬින් හිතනවා. බව්සරේ ලංවුනා පෝලිම කෙටි වුනා ෆුල් ටෑං ගහමු මහ හඬින් කියවුනා බුලියටත් ටිකක් මල්ලි හොර හඬින් කියවුනා. තණ කොළ කපලා හරි දරුවන්ට කන්න දෙන්න මුමුනනවා ඇහුනේ පොම්පේ මල්ලිට විතරමද හුඟදෙනෙක් හිතනවා. බුලියයි ටැංකියයි දෙකම දැන් කට ලඟට බුලත් කහට පිරුනු තිස් දෙකම පේනවා පෝළිමේ හැමෝට සැලියුටුත් ගහනවා. තිනර් තියනවාද මුදළාලි මහ හඬින් අහනවා දැක්ක කාලයක් මතක නැහැ යකඩ බඩු කඩේ මුදළාලි කියනවා බඩු තියන් හංග ගෙන වැඩි මිළට විකුනන්න පස්සේ මුංට නම් හෙන හතම වැදියන් යටි සිතේ මිමුනුනා. ටැංකියෙන...