තෙල් පෝලිමේ හමුවන සුබවාදී දර්ශණිකයෝ !


අතේ ඇති සොච්චමත්

දුරකථන වලටම පුදනවා

සකබර්ගට පිං සිදුවෙන්න 

සියල්ලම දන්නවා.

 

රෝද තුන උඩ ඉදන් පාර දිගේ බලනවා

බංඩා හරි වීරයෙක් යටි සිතෙන් හිතනවා

ඉන්න තැන කොතනක්ද ලේ විලක් මවනවා.

 

දරු දෙන්නා දහම් පාසල් 

යවා ගන්න බැරි වුනා

ලොකු සාධු මක්කියයිද

මහ හඬින් හිතනවා.

 

බව්සරේ ලංවුනා පෝලිම කෙටි වුනා

ෆුල් ටෑං ගහමු මහ හඬින් කියවුනා

බුලියටත් ටිකක් මල්ලි

හොර හඬින් කියවුනා.


තණ කොළ කපලා හරි

දරුවන්ට කන්න දෙන්න

මුමුනනවා ඇහුනේ

පොම්පේ මල්ලිට විතරමද

හුඟදෙනෙක් හිතනවා.

 

බුලියයි ටැංකියයි 

දෙකම දැන් කට ලඟට

බුලත් කහට පිරුනු 

තිස් දෙකම පේනවා

පෝළිමේ හැමෝට 

සැලියුටුත් ගහනවා.

 

තිනර් තියනවාද මුදළාලි 

මහ හඬින් අහනවා

දැක්ක කාලයක් මතක නැහැ

යකඩ බඩු කඩේ මුදළාලි කියනවා

බඩු තියන් හංග ගෙන

වැඩි මිළට විකුනන්න පස්සේ

මුංට නම් හෙන හතම වැදියන් 

යටි සිතේ මිමුනුනා.

 

ටැංකියෙන් ඇදපු ටික බුලියටම මුසුවුනා

තිනර් නැහැ කියපු මුදළාලිගේ

වැදු මව සිහිවුනා.

 

එන ඉරිදාවත් බලමු

ලමයි දහම් පාසල් යවන්න

සෑදෑ සිතුවිල්ලෙන්ම

ආයේමත් පෝලිමට 

ලංවුනා.




Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards