බලමු මේ කුහකයෝ කව්ද කියලා ?

ලැබුන ජයග්‍රහනය සාමූහිකව සමරමු , හැබැයි කුහකයෝ නම් වෙන්න එපා . කියලා සමාජ ජාලවල සංසරණය වන කතාවක් දැකලා මේක ලියන්න හිතුවේ . බලමු මේ කුහකයෝ කව්ද කියලා . පාසල් අධ්‍යාපනය අඛන්ඩව පවත්වාගෙන යාමට ඉඩ නොදෙමින් වැඩ වර්ජන කරමින් ලමයි අමාරුවේ දාන අයද ? කැට හොල්ලන කොල්ලෝ කුරුට්ටෝ දාල විශ්වවිද්‍යාලවල කලබල ඇති කරලා ඒවා වහලා දාන්න කටයුතු කරන අයද ? ඉස්පිරිතාලවල වැඩ වර්ජන , අකුරට වැඩ කරලා ලෙඩ්ඩු අමාරුවේ දාන අයද ? රාජ්ය සහ පුද්ගලික ව්‍යාපාරයකට දියුනු වෙන්න නොදී තර්ජන , ඝර්ජන සහ වැඩ නැවැත්වීම් වලින් එවා පාඩු ලබන ව්‍යාපාරකරපු අයද ? බස් කොච්චී , ට්‍රාන්ස්ෆොර්මර් , වෙළද ව්‍යාපාර ගිනිබත් කරපු අයද ? බස් එකක් , කෝච්චියක් නොදුවවන්න වැඩ වර්ජණ , කඩාකප්පල්කාරී වැඩ කරපු අයද ? නැත්නම් සාධාරණ රැකියාවක් කරලා , රටට අවශ්‍ය බදු මුදල් වෙලාවට ගෙවපු අයද කුහකයෝ . ඔය අද කුහකයෝ ගැන අටුවා ටීකා ලියන කීදෙනෙකුට අද වෙනකොට ආදායම් බදු ගෙවන අංකයක් තියෙනවාද ? දුෂණ මර්ධන පනතට විරුද්ධව පාර්ලිමේන්තුවේ එදා චන්දය දීපු අය අද දූෂණ මර්දධනය ගැන කතා කරන එක කුහක කමක් නෙමෙයිද ? මේ ටික එදා මුන්ට තේරුණා නම් අද සමහර විට අපි සිංගපූරුවට ව...