Monday, September 23, 2024

බලමු මේ කුහකයෝ කව්ද කියලා ?

ලැබුන ජයග්‍රහනය සාමූහිකව සමරමු, හැබැයි කුහකයෝ නම් වෙන්න එපා.කියලා සමාජ ජාලවල සංසරණය වන කතාවක් දැකලා මේක ලියන්න හිතුවේ.

බලමු මේ කුහකයෝ කව්ද කියලා.

පාසල් අධ්‍යාපනය අඛන්ඩව පවත්වාගෙන යාමට ඉඩ නොදෙමින් වැඩ වර්ජන කරමින් ලමයි අමාරුවේ දාන අයද?

කැට හොල්ලන කොල්ලෝ කුරුට්ටෝ දාල විශ්වවිද්‍යාලවල කලබල ඇති කරලා ඒවා වහලා දාන්න කටයුතු කරන අයද?

ඉස්පිරිතාලවල වැඩ වර්ජන, අකුරට වැඩ කරලා ලෙඩ්ඩු අමාරුවේ දාන අයද?

රාජ්ය සහ පුද්ගලික ව්‍යාපාරයකට දියුනු වෙන්න නොදී තර්ජන, ඝර්ජන සහ වැඩ නැවැත්වීම් වලින් එවා පාඩු ලබන ව්‍යාපාරකරපු අයද?

බස් කොච්චී, ට්‍රාන්ස්ෆොර්මර්, වෙළද ව්‍යාපාර ගිනිබත් කරපු අයද?

බස් එකක්, කෝච්චියක් නොදුවවන්න වැඩ වර්ජණ, කඩාකප්පල්කාරී වැඩ කරපු අයද?

නැත්නම් සාධාරණ රැකියාවක් කරලා, රටට අවශ්‍ය බදු මුදල් වෙලාවට ගෙවපු අයද කුහකයෝ.

ඔය අද කුහකයෝ ගැන අටුවා ටීකා ලියන කීදෙනෙකුට අද වෙනකොට ආදායම් බදු ගෙවන අංකයක් තියෙනවාද?

දුෂණ මර්ධන පනතට විරුද්ධව පාර්ලිමේන්තුවේ එදා චන්දය දීපු අය අද දූෂණ මර්දධනය ගැන කතා කරන එක කුහක කමක් නෙමෙයිද?

මේ ටික එදා මුන්ට තේරුණා නම් අද සමහර විට අපි සිංගපූරුවට වඩා ඉහලින් ඉන්න තිබුනා.

ප්‍රශ්ණේට උත්තරේ එදාත් තිබුනා, අදත් තියෙනවා.

අනුන් බලේ ඉන්න කොට කුහකකම් කරන්න හොඳනම් දැන් කරාම ඇති වරද මොකක්ද?




No comments: