අටමස්ථානයට එරෙහිව නමස්ථානයක් හදා අටවැනිදා පැරදී නමවැනිදා ගෙදර යාම !
බුදු වසරින් නව වැන්නේ සුගත තථාගත සම්බුදු රජාණන් වහන්සේ සිරිලකට වැඩම කොට මහමෙව්නා උයනෙහි රන් ත ... ෙළඹු රුක් සෙවණේ සමාපත්ති සුව විහරණය කළ සේක. එසේ රන් තෙළඹු රුක පාමුල වැඩ සිටිමින් බුද්ධ නේත්‍රා මණ්ඩලයෙන් අට වතාවක් නෙත් මඬල විහිදුවාලූයේය. ඉක්බිතිව ඒ අට තැනටම වැඩම කළ උන්වහන්සේ උතුම් බුද්ධ ස්පර්ශයෙන් පවිත්‍ර කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමි බවට පත් කරන්නේය. මෙසේ පිහිට වූ ‘ අටමස්ථානය ’ එතැන් පටන් මෙරට පූජනීය ධර්ම කේන්ද්‍රස්ථාන අට බවට පත්වන්නේය. දේවනපෑතිස් රජ තෙමේ ථූපාරාමය ස්ථාපිත කරමින් ඇරැඹි අටමස්ථානය පිහිටුවීම මහසෙන් රජතුමා ජේතවනාරාමය බැඳ වීමෙන් පූර්ණත්වයට පත් වන්නේය. එබැවින් අටමස්ථානය සිරිලක් සසුන් සම්ප්‍රදාය සේම රාජ සම්ප්‍රදාය වසර 2557 මුළුල්ලේ නොකිලිටිව , පිරිසිදුව පවිත්‍රව හා වන්දනීයව රැකගත් අපේ ජාතික සම්මතය. ඓතිහාසික සිරිතය. අටමස්ථානය මහමෙවුනා උයනේ සම අට දුරින් පිහිටුවූ ගණිත සූත්‍රයකි. ගෞතම තථාගත බුදුන් වහන්සේ මෙම ස්ථාන අට බුද්ධ පාරිභෝගික භූමි බවට පත් කරන්නේ බුද්ධ රාජ්‍යයේ බුදුවරු අනුදැන වදාළ බුදු සිරිත අනුව යමින්ය. මන්ද මෙයට මත්තෙන් කකුසද , කොණා...