පර සුද්දෝ vs පර සිංහලයා !

ක්‍රිකට් ලෝක කුසලානේ වෙලාවෙත් " පර සුද්දෝ " කියලා සුද්දන්ට බනින්න තරම් අපි අමන ජාතියක් වෙලා.

සුද්දෝ ආවේ අපේ රටවල් වල තියෙන සම්පත් අරන් ගිහින් පොහොසත් වෙන්න කියන එක රහසක් නෙමෙයි.

ඒ උන් ආදරේ උන්ගේ රටට නිසා.

අපේ රට හදන්න කියලා ආපු රටට ආදරේ කියලා කියන අපේ කට්ටිය මොකද කලේ?

උන් ඉස්සරා දනින් වැටිලා රස්සාවල්, වරප්‍රසාධ ඉල්ලන අය ඇයි " පර සිංහලයා " කියලා මුන්ට නොබනින්නේ ඇයි?

මේකට උත්තරය හොයා ගත්ත දවසක අපි දිනුම්.

නැත්නම් එක්කෝ පර සුද්දෝ කිය කිය දිගටම උන්ටම බැන බැන එහේන්ම කකා බිබී ඉදන්, මැච් එක දවසට විතරක් ලංකා කොඩ් වනමු.

නැත්නම් සුද්දා ගෙන් ලැබෙන ආධාර එකෙන් කකා බිබී 2500 ට වැඩි ඉතිහාසය ගැන ලොකු කතා දෙමු.

තිරණය තියෙන්නේ පර සුද්දා ගාව නෙමෙයි, අපි ගාව.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Arrivederci My Friend !

The Compounding Effect: Small Choices, Radical Transformation