Posts

Showing posts with the label End of Ethnic Conflict

සැබෑ ජයග්‍රහණය සෙවීම: යුද නිමාවෙන් දශක දෙකකට ආසන්න කාලයකට පසු ආවර්ජනයක්

Image
2009 මැයි 19 වැනිදා , දශක තුනක් පුරා ඇදී ගිය ඛේදවාචකයක නිමාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන විට , මුළු මහත් ජාතියක්ම සහනදායී සුසුම් හෙළුවෝය. එදා මගේ සිතට නැඟුණු ‘පුතුනේ මේ අහගන්න’ ගීතයේ සංවේදී පද වැල් අදටත් මගේ මතකයේ රැව්දෙයි . වර්ග සැතපුම් 25,000 කට වඩා මඳක් වැඩි භූමි ප්‍රමාණයකින් යුත් , ලෝක ජනගහනයෙන් සියයට තුනකටත් වඩා අඩු ජනතාවක් වෙසෙන මේ කුඩා දිවයින , මුළු ලෝකයම කළ නොහැක්කක් යැයි සිතූ දෙයක් ජයගත් බව එදා අපි ආඩම්බරයෙන් ප්‍රකාශ කළෙමු .   එම අසීරු ජයග්‍රහණය හුදෙක් සටන් බිමේ සිටි රණවිරුවන්ට පමණක් සීමා වූවක් නොවේ. ජීවිත පරිත්‍යාග කළ සහ දිවි පරදුවට තබා කටයුතු කළ ත්‍රිවිධ හමුදාවට අපගේ අසීමිත කෘතවේදීත්වය හිමි විය යුතුමය . එහෙත් , මෙම යුද ප්‍රයත්නයට උර දුන් තවත් නිහඬ වීරයන් පිරිසක් සිටියහ. තමන්ගේ මව්බිමේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා වෙහෙස වී විදේශ විනිමය එවූ විදෙස්ගත ශ්‍රමිකයෝ ද , හදිසි අවස්ථාවලදී රෝහල්වල පෝලිම් ගැසී සිය රුධිරය පරිත්‍යාග කළ සාමාන්‍ය ජනතාව මෙන්ම වෘත්තිකයෝ ද ඒ අතර වූහ. එබැවින් , මේ ජයග්‍රහණයේ අයිතිය සහ කෘතවේදීත්වය සමාජයේ එක් කොටසකට පමණක් නොව , සමස්ත ශ්‍රී ලාංකික සමාජයටම...