සැමන් ටින්ද පිරිත් පැන්ද?
සිල්වා - මොකද මිස්ටර් පෙරේරා මේ එලියට බැහැලා කලු කන්නඩියකුත් දාගෙන උඩ බලන් කරන්නේ?
පෙරේරා - නැහැ මේ හෙලිකොප්ටරයක් උඩ කැරකෙනවා ඇහුනා.
සිල්වා - ඉතින්?.
පෙරේරා - මම මේ බැලුවේ පිරිත් පැන් ඉහිනවද නැත්නම් සැමන් ටින් එකක්වත් දෙනවද කියලා.
සිල්වා - පිරිත් පැන් ටිකක්නම් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් හරි ඉල්ලගන්න පුලුවන්නේ, ඒත් සැමන් ටින් එකක් ගන්න පැය හයක්වත් අඩුම ගානේ පෝලිමක රස්තියාදු වෙන්න එපැයි.
පෙරේරා - ඔව් ඒක ඇත්ත.
සිල්වා - දැන් ගන්න තරමක් තමයි ඔය නිකම් දෙන ඕනේ මගුලක්.
පෙරේරා - ඊට පස්සේ උන් උඩින් යනවා බලාගෙන අපිට කට ඇරගෙන ඉන්න තමයි වෙන්නේ.
සිල්වා - ආයේ ඔය දඩුමොණරේ එනවා ඇහුනෝත් මටත් කතා කරන්නකෝ.
පෙරේරා - හරි මම කතා කරන්නම්. දැන් මොකද කරන්න යන්නේ.
සිල්වා - අර මුහුණුපොතට අරක්ගෙන ඉන්න මිහරක් ටිකක් ආයේ කුලප්පු කරන්න.
Comments