වඳ කොත්තු කන්න ගාළුමුවදොර නාවත් කමක් නැහැ.!

විදුලි ජල බිල් වැඩි වෙනකම් ඉන්න එපා අරගල කරන්න.

තමන්ගේ ලඟම කෙනෙක් ඉස්පිරිතාලේ බෙහෙත් නැතුව මර ඇඳේ ඉන්න කම් එපා අරගල කරන්න.

තමන්ගේ ඉගෙන ගත්ත දුවා දරුවන්ට රැකියාවක් හොයා ගන්න බැරි වෙන කම් ඉන්න එපා අරගල කරන්න හිතන්න.

වැඩවසම් යුග වල මුත්තා, සීයා, තාත්තා කරාට කමක් නැහැ.

උඹලත් ඒවාම කරන්න ඕනේ කියලා කොහේවත් නීති පොත්වල ලියවිලා නැහැ, උඹලාගේ හිත්වල මිස.

මේ සියවසේ ඒවා කරගන්න ඕනේ තරම් ක්‍රමවේද දියුණු ලෝකයෙන් අපිට දැනටම ලැබිලා තියෙනවා.

ඒ නිසා පරම්පරා ගානක් කරගෙන ආපු නිසා අපිත් කරනවා කියන මානසිකත්වයෙන් මිදෙන්න උත්සහ කරන්න.

ඔය පැලඳගෙන ඉන්න පාට කණ්නාඩි ගලවල ලෝකේ දිහා ධනාත්මකව බලන්න පුරුදු වෙන්න.

ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා සිංදු හදලා සම හරක් තව සම හරක්ව ඇන්දුවට, මේක අපායක් කියලා ලෝකේ දැකපු අය දන්නවා.

වැඩි හරියක් ලිං මැඩියන් වගේ ඉන්නකම් අර මුත්තලා, සීයලා වැඩ කරපු අය ඉතා සංතෝස බවත් මතක තියා ගන්න.

ඔය ගම වට වෙලා තියෙන කඳුයාය මුඳුනට දවසක නැගලා බලන්න උත්සහ කරන්න.

එතකොට පුලුවන් වේවි ඔය කඳුවැටිය මෙච්චර දවසක් නොපෙන්නා හංගන් හිටපු අනික් ලෝකේ කොච්චර සුන්දරද කියලා.

තාම පරක්කු නැහැ. අඩුම ගානේ තමන්ගේ දූදරුවන්ටවත් කියන්න කන්ද ජය ගන්න උත්සහ කරන්න කියලා.

මුත්තා සීයා කරපු දේනේ, මේක අපේ කරුමේ කිය කිය ඉන්න එපා.

අරගලය තියෙන්නේ ගාළුමුවදොර කියලත් හිතන්න එපා.

නිදහස් සහ ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න.

එදාට වඳ කොත්තු කන්න, ගාළුමුවදොර හෝගාන පොකුණ බලන්න නාවත් කමක් නැහැ.



Comments

Popular posts from this blog

Who Will Tame the Beasts on Our Roads?

Hitchhiking in Sri Lanka: Why It’s Rare for Locals but Easy for Tourists

Unravelling the Theories Behind the Tragedy