ගෘහ සේවිකාවක් හැටියට මැදපෙරදිග ගිහින් දියුණු වෙන්න පුලුවන්ද?

ගෘහ සේවිකාවක් හැටියට මැදපෙරදිග ගිහින් දියුණු වෙන්න පුලුවන්ද?

සමහර විට ඔබට මේ සිද්දිය අමතක්ත් ඇති.
ඒක ඔබේ හෝ මගේ වරදක් නිසා නෙමෙයි.

මේ වගේ සිද්දි අපිට දිනපතා ඇහෙන්න සිද්ද වෙන නිසා, සමහර සිද්දි අමතක වීම ස්වබාවික දෙයක්.

අලුත්ම ආරංචිය තමයි ඕමාන් රටෙදී අපේ අම්මලා, නංගිලා, දුවලා ගණිකා සේවය සඳහා විකිණීම පිළිබඳ ආරංචිය.

ඔය ආරංචිය අස්සේ සමාජමාධ්ය හරහා තවත් විඩියෝවක් ප්රචාරනය වෙනවා, එහෙම දේවල් ඒ රටේ වෙන්නේ නැහැ කියලා.

පුදුමේ කියන්නේ එහෙම කියන්නෙත් දැනට ඒ රටේම ජීවත් වන අපේම ශ්රී ලංකිකයන් කොටසක් වීමයි.

දැන් තත්වය දියුණු වෙලා නම් ඒක සංතෝසයට කාරනයක් නම් තමයි.

මමත් තිස් අවුරුද්දකට කිට්ටු වෙන්න ඒ රටේ වැඩ කරපු කෙනෙක්.

හැබයි එතෙකොට නම් තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්.

මේ රටවල මිනිස්සුන්ට (මිනිස්සු කියන එකත් මනුශ්ෂත්වයට නිග්රහයක්) ගෑණු කියන්නේ සෙල්ලම් භාණ්ඩයක් පමණයි.

ඒක තමන්ගේ ගෑණිටයි කියලා වැඩි වෙනසක් නැහැ.

ජාතී ආගම්, කුළ බේද මේ ක්රියා වලියේදි වැදගත් නැහැ.

හොඳ සහ නරක් මිනිස්සු කොයි රටේත් ඉන්නවා.

වෙනස මේ රටවල හොඳ කියන අය අත්ලොස්සක් පමණයි වීමයි.

ගෘහ සේවිකාවක් හැටියට මැදපෙරදිග ගිහින් දියුණු වෙන්න පුලුවන් කියලා සමහරු කල්පණා කරනවා නම් ඒක දෙපාරකට වැඩිය හොඳින් හිතිය යුතු කාර්යයක්, මොකද මම දැකපු විදියට ඒක මිරිඟුවක් පමණයි.

















Comments

Popular posts from this blog

Arrivederci My Friend !

The Compounding Effect: Small Choices, Radical Transformation