අපිට විතරද පායන්නේ?

ඊයේ අපිට හිසරදේ ගෙනාපු එවුන් අමතක වෙලා,
අද අපි රවියාටයි, බදුර්දීන්ටයි බනිනවා,
හෙට අපි බෝට්ටුවල නැගලා අවතැන්වුන් අය හොය හොය යනවා කෑම පාර්සල් බෙදන්න.

අපිට විතරද පායන්නේ,
අපිට විතරද වැහි වහින්නේ.

මේ වැටෙන වතුර කන්දරාවට අපි මොකද කරන්නේ,
අවුරුදු සියයක කාලයක් අපි මොනවාද ඉගෙන ගත්තේ.

බැරි වෙලාවත් හිම ටිකක් එහෙම මෙහෙට වැටුනොත්,
මැද පෙරදිගට වගේ තද රස්ණේයක් ආවොත්,
අපි මොකද කරන්න හිතන් ඉන්නේ.

රැල්ලට කුණු අදින්න,
රැල්ලට ගස් හිටවන්න යන්නේ නැතුව,
කුණු කසල පාලනය සහ කළමණාකරනය කරන්න පුළුවන්,
ගස් කොළන් වන සිව්පාවන් රැක ගන්න පුළුවන්,
රැල්ලක් හදමු.

තප්පර 15 වේ ප්රසිද්දිය පස්සේ නොදුවා,
දශක 15 ක් ඉස්සරහට හිතලා,
වැඩ කෙරුවොත් නරකද,

අපිට.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards