රාවණා කරේ තියාගෙන සුද්දාට බැන බැන හිටියට ?

 

ඇයි අපි ජාතියක් හැටියට  දියුණු නොවෙන්නේ?

මනක්කල්පිත රාවණා කරේ තියාගෙන ( පර ) සුද්දාට බැන බැන හිටියට මේක දියුණු වෙයිද?

එකක් හම්බ කරලා තුනක් වියදම් කරාම රටක් තියා මිනිහෙක්වත් දියුණු වෙයිද?

( චීන ) පොලී මුදලාලි පොහොසත් වෙනවා හැර.

ලෝකෙන් උතුම් රට කිය කියා සිංඳු දවස ගානේ කිව්වා කියලා රට දියුණු වෙයිද?.

ලෝකේ තියෙන හොදම දේවල් ( පුරාවස්තු, ස්වබාවික සම්පත්, ආගම, අධ්‍යාපනය, කතා කරන ඉංග්‍රිසි ) තියෙන්නේ මෙහේ කියලා සම හරක් ඇන්දුවට රට දියුණු වෙයිද?

මේ මුහුදෙන් ඔබ්බට නොගිය හරක් ටිකට නම් මේවා ඇත්ත උනාට, ලෝකේ දැකපු එකා දන්නවා ඇත්ත මොකද්ද කියලා.

දුපත් මානසිකත්වයෙන් නොමිදී රටවල් දියුණු කරන්න පුළුවන්ද? 

එහෙම කරපු රටක් ලෝකේ තියෙනවද?

ලෝකේ ඉන්න දුප්පත්ම රටවල් ගොඩේ නම් එහෙම රටවල් ඔනේ තරම් හොයා ගන්න පුලුවන්.

උගත් චරිතවත් මිනිස්සු එපා කියලා, පාදඩයෝ, මිණිමරුවෝ, ස්ත්‍රි දුෂකයෝ, ගනිකාවෝ, කසිප්පු කුඩු මුදලාලිලා නීති සම්පාදනයට යැව්වම කොහොමද රටක් දියුණු වෙන්නේ..

වැඩ කලයුතු වෙලාවෙත් වැඩක් නොකර විතරක් නෙමෙයි, විශ්‍රාම ගිහිනුත් නිකන් පඩි ගන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න රටවල් කවදාද දියුණුවක ඉංගියක්වත් දකින්නේ.

දියුණු වෙච්ච රටවල් දිහා බලලා ඒවයින් පාඩම් ඉගෙන නොගෙන, ලෝකේටම බැන බැන වංසේ කබල ගෑවට රටවල් දියුණු වෙයිද?

පිට කවුරු හරි කවදා හරි අපිවත් දියුණු රටවල් ගොඩට අරන් යයි කියලා බලන් ඉන්නේ මෝඩයෝ.

ප්‍රශ්නේ තියෙන්නේ රටක් හැදීමේ අඩිතාළම තියන්න අපි ලෑස්තිද කියන එක.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards