හිතන්න කාළය එළබ ඇත දැන්.

 කොහේ හරි ඉන්න හාල්පාරුවෙක් ගොඩ දාන්න, පාප්ප නාගෙන  තාප්ප වල පෝස්ටර් අලවපු අය, රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කාලා ආයේ තාප්ප සුද්ද කරන්න පටන් ගන්නවා. 

වහලට ටකරමක්, ගෙදරට පිස් පෝච්චියක්, ප්ලාස්ටික් පුටුවක් දීපු එකා V8 එකක යනකොට හූල්ලන්න ගන්නවා පුංචි කතිරෙක බලේ තේරුම් ගන්නේ නැතුව. 

පාප්ප හොදට ගාපු එකා උදේට හොදට ඇඳගෙන දීපු රස්සාවට යනවා.

හවසට මදි පාඩු හොයන්න රෝද තුනක් උඩ මැරෙනවා. 

මේක තමයි ජීවිතේ කියලා හිතෙන එකාලා පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් දැඩිගම එකේ පෝලිමට යනවා.

පුංචි කතිරෙකින් V8 ගන්න පුළුවන් කියලා තේරෙන කම්ම, සම හරක් මේ මඩේ නොකඩවා කනවා.

තමන්ට කර ගන්න වුන බැරි දේවල් තමන්ගේ දරුවන්ට වත් ලබා ගනන සුදුසු පරිසරයක් හදන්න උත්සහ කරන්න අඩුම තරමින්.

උන්ටත් තාප්පයි, පාප්පයි, කිරි බතුයි, රචිඤ්ඤායි නැතුව සෝඋත්සහයෙන් දියුණු වෙන්න පුළුවන් රටක් හදන්න උත්සහ කරන්න.

හිතන්න කාළය එළබ ඇත දැන්.

Comments

Popular posts from this blog

Who Will Tame the Beasts on Our Roads?

Hitchhiking in Sri Lanka: Why It’s Rare for Locals but Easy for Tourists

Unravelling the Theories Behind the Tragedy