සිමෙන්ති බංකුවේ නිදන්න කලියෙන් !

උදේ ඉඳන් රටේ වෙන අසාධාරණකම් සමාජ මාධ්යවල දිග අරින සම හරක් ඒවා නැති කරන්න ක්රමයක් හොයන්නේ නැහැ.

හොර රහසේ ඒවට උල්පන්දම් දිදී ඒවා නැති කරන්න කතා කරලා වැඩක් තියෙනවද?

තමන්ට ලැබෙන වේතනයට අමතරව කරන රස්සාවෙන් කීයක් හරි ගසා ගන්න බලන අය අරගලයට ජය වේවා කියලා සමාජ මාධ් ජාලා පිරෙන්න ලොකු කතා දැම්මට අරගලය දිනවන්නත් බැහැ

හොරු පන්නන්නත බැහැ.

අරහලය තමන්ගෙන්ම පටන් ගම්මු.

ඔය අරයා මෙයා ඇවිත් මේක සුරපුරක් කරන්කම් බලන් හිටියා මදිද තාම.

රාවණා, දිය සේනලා තාම ගෑස් ගන්න, තෙල් ගහ ගන්න පෝලිම් වල වගේ.

ලී ක්වාන් යූ, මහතීර්ලා ගෙන්නලා කර ගත්ත විනාශය මදිද තාමත්.

ඔය මොකා ආවත් රට හදන්න බැහැ අපි අපේ අරගලය අපෙන්ම පටන් ගත්තේ නැතනම්.

බුධු බනෙත් කියලා තියෙනවනේ "අත්තාහි අත්ත නෝ නාථෝ කියලා.

සංඛ්යා ලේකන වල 69% හිටියට බුදු බණ පිලිපදින කීයක් මේ රටේ ඉන්නවද?‍

ඒකට පිළිතුර ඔබම දන්නවා ඇතිනේ, ලෝකයාට වඩා.

අරගලයට කලු ඇඳුම් ඕනෙත් නැහැ, කහ ටී ෂර්ට් ඕනෙත් නැහැ, අරගලය තමන්ගෙන්ම පටන් ගත්ත දවසට.

අර සම හරක් ආගම්වාදීන් හිතන විදියට අරගලය කියන්නෙත් අංක ක්රිඩාවක් නෙමෙයි.

සීයක් හිටියත් වැඩක් නැහැ අනූ නමයක්ම අරගලය අනුන් කරන කම් බලන්න ඉන්න කට්ටියක් නම්.

අරගලය සාර්ථක වෙච්ච දවසට "අපි තමයි හොඳටම කරේ" කියලා එලියට බහින්න නම් දාස් ගනන් ඇති.

එදා අර රේල්පාරේ කැත කරලා සුද්දාගේ කාලේ ඉංදියාවේ හිරේ හිටපු ගොයියෝ ටික මහත්මා ගාන්ධිතුමා එක්ක හිරෙන් එලියට  ආවේ දේශප්රේමීන් වගේ.

රේල් පාරේ කැත කරලා හිරේ ගිහින් පොදු සමාවකින් එලියට ඇවිත් දේශප්රේමීන් වෙන්න හිතන් ඉන්න එපා මෙහෙත්.

අරගලය තමන්ගෙන්ම පටන් ගම්මු.

සමහර විට ඔබේ ජීවිත කාලේදිම එහි ප්රතිපල නෙලා ගන්න බැරිවෙන්න පුලුවන්, ඒත් ඔබ නිදහස් මිනිහෙක් හැටියට මැරෙන්න පුලුවන් විඳවන්නේ නැතුව.

ඊලඟ පරපුරවත් මේ අපායෙන් ගලව ගන්න අපි කවුරුත් උත්සහ කරමු.

පලමු උත්සහයෙන්ම ප්රතිපල නොදකින්න සම හර විට නොහැකි වෙන්න පුලුවන්.

ඒත් උත්සහය අත් නොහරින්න.

මිල මුදල්, වස්තු නෙමෙයි අපි අපේ දූ දරුවන්ට ඉතුරු කරන්න අවශ්.

සිතීමට දැන් කාලය පැමිණ ඇත.



 

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards