මීට ඉස්සර අහලත් නැතුව ඇති කියවලත් නැතුව ඇති.
මීට ඉස්සර අහලත් නැතුව ඇති කියවලත් නැතුව ඇති.
ඉස්සර රුස්සෝ ගමනක් යනකොට වැඩිපුර මල්ලක් දෙකක් අරන් තමයි ගෙදරින් එලියට බහින්නේ.
ඒ සාර් පෙළපත් ආංඩු කරපු කාලේ නෙමෙයි.
මොකද මේ මල්ලක් දෙකක් අරන් යන්නේ කියලා දන්නවද?
කොහේ හරි පෝළිමක් තියෙනවා දැක්කොත් රුස්සෝ ඒකට එකතු වෙනවා.
දෙන්නේ මොනවද, කීයක් දෙනවද කියලා හොයන්නේ පස්සේ.
පෝළිම දිග නම් ඒ කියනේ හොයා ගන්න හරිම අමාරු දෙයක් ඇවිත්.
යන්න ආවේ මළ ගෙදරක යන්නද, මගුල් ගෙදරක යන්න ද කියන එකේන් වැඩක් නැහැ.
ඒ තරම් භාණ්ඩ වල හිඟයක් ඒ කාලේ තිබුනා.
හැබැයි ඒ සාමන්ය ජනයාට විතරයි.
පක්ශ සාමජිකයන්ට නෙමෙයි.
ඒ කට්ටියට බඩු ගන්න වෙනම කඩ සාප්පු තිබුනා. .
ඒවයේ ජනේල කලු රෙදි වලින් වහලා තිබුනේ සාමන්ය ජනයා දකීවි කියලා.
ඔන්න සමාජ්වාදී ක්රමයට රුසියාව කරපු විදිය.
දැන් රුස්සෝ ඒ ක්රමය අත හැරලා.
දැන් පෝළිනුත් නැහැ බඩු හිඟයකුත් නැහැ.
සම හරක්ට නම් මතක නැතුවත් ඇති.
අපිටත් ඒ වගේ කාලයක් තිබුණා සිරිමා රට කරවපු කාලේ.
පාන් කාලක් ගන්න උදේ පාන්දර දෙකට පෝළිමේ හිටපු අය අත උස්සන්න බලන්න.
මගුල් ඇඳුමට රෙද්දක් ගන්න, මගුල් ආරධනා පත්රය අරන් යන්න ඕනේ සළුසලට.
ඒකේ ඉන්න එවුන්ගේ රැස්පොට් බලලා තමයි ක්රිම්ප්ලීන් යාර තුනක් ගන්නෙත්.
ගමේ සමූපෙට එන්නේ රෙදි ජාති දෙකයි.
ඒවත් ගොරහැඩි, බූමිතෙල් ගඳ, කිසිම ලස්සනකුත්, ලකයකුත් නැති එකක්.
උත්සව කාලේට මුලු ගමම එක පවුලක් වගේ.
ඔය තිබුණ කෙහෙල් මල් දෙකෙන් තමයි හැමෝම සරම්, කමිස, ගවුන් සහ ඔය එකී නොකී හැම දෙයක්ම මහා ගත්තේ.
අර වික්ටර් රත්නායක "අපි ඔක්කෝම රජවරු, ඔක්කෝම වැසියෝ, තුන්සිංහලයම නෑදෑයෝ", ලියන්න ඇත්තේ මේ මළවිකාර දැකද දන්නේ නැහැ.
එක පාරක් වීරයෙක් ගෙනත් කෙලව ගත්තා.
මේ පාර සම හරක් සමාජවාදියෙක් කර තියාගෙන මරු කැවිලා වගේ පරක් වෙනවා.
රුසියාව, චීනේ, ඉන්දියාව දියුණු උනේ ඒ වැඩක් නැති ක්රමය අතහැරපු නිසා.
ඒ ක්රමයේ තාමත් එල්ලී ගෙන දුක්විඳින උතුරු කොරියාව, කියුබාව, වෙනිසුවෙලා වගේ රටවල් ගැන හොයලා බලන්න.
ආයේ පාරක් පාන්දර පෝළිම් ගනේ ලමයින්වත් රස්තියාදු කරන්න කැමතිද?
ලමයි විතරක් නෙමෙයි, ලමයිගේ ලමයින් ගෙනුත් හෙන ඉල්ල ගන්න හරක් වැඩ නොකරන්න හිතා ගන්න.
දැන් සම හරක් කියයි හෙන ගැහුවම පොළව සරු වෙනවා කියලා.
අපිට හෙන එපා.
පොළව සරු නොවුනට කමක් නැහැ.
අපි පස්සේ කෘතිම පොහොර ටිකක් හරි දාලා පොළව සරු කරගම්මු.
එක හරකෙක් පොහොර එක්ක ඔට්ටු වෙලා කරපු නස්පැත්තිය අමතක නැහැ නේද?
Comments