උගුරට හොරා බෙහෙත් කන එක දැන් වත් නැවැත්තුවෙත් හොඳ නැද්ද?


අපි පොඩි කාලේ අපිට කියලා දුන්නේ ලෝකේ හොඳම අධ්‍යාපනය තියෙන්නේ අපේ රටේ කියලා.

අපි ඉතින් වැඩිහිටියෝ, ගුරුවරු කියපුවා ඒ විදියටම පිළිගත්තා ඒ කාලේ.

පස්සේ තමයි අපිට තේරුනේ මේ ඔක්කොම අපිට කියලා තියෙන්නේ පල් බොරු කියලා.

හැබැයි ඉතින් ඒ කට්ටියටත් වරදක් කියන්න බැහැ.

මොකද ඒ කට්ටියත් අර ගිරව් වගේ අපිට කියලා තියෙන්නේ ඒ කට්ටියත් පොඩි දවස් වල තව කාගෙන් හරි අහන්න ලැබුන දෙයක් මිස තේරුම් ගත්ත දෙයක් නොවන දෙයක් නිසා.

මෙච්චර හොඳ අඪ්‍යාපනයක් තියෙන රටට තාම බැරි වුනා නෝබල් තෑග්ගක් ගන්නවා තියා නාම යෝජනා ගොඩකට වත් එක් වෙන්න.

හිටපු ඇමරිකානු උප ජනාධිපති අල් ගෝර් මහතාට පිංසිද්ද වෙන්න යන්තම් මොහාන් මුනසිංහගේ නම ගෑවුනා විතරයි නෝබල් ත්‍යාගය ලාබී ගොඩට.


අනික තමයි අපේ තමයි හොඳම ඉංග්‍රිසි තියෙන්නේ මහා බ්‍රතාන්‍යට පස්සේ කියලා.

අපිටත් ඉතින් ඒ දවස් වල මළ පොතේ අකුරක්වත් නොදන්න නිසා අපිත් ඉතින් විශ්වාස කර.

පස්සේ තමයි දැන් ගත්තේ රටේ ජනගහනයෙන් 3% කටත් අඩුවෙන් තමයි ඉංග්‍රිසි බාසාව පරිශීලනය කල හැක්කේ කියලා.

ඒ 3% නුත්, 90% කතා කරන්නේ අර ඉස්සර කොළඹ හතේ බංගලාවල වැඩට හිටපු ආයා අම්මලා කතා කරන "බේබි ඩොන්ට් ගො ඔන් ද මඩ ගොඩ" වගේ ඉංග්‍රිසියෙන් කියලා.

ආගම් ගුණ දහම් ගැනත් මේ වගේම තමයි.

කිසිම සත්‍යයක් නැහැ.

ඒවා සත්‍යය නම් මේ හංදියක් හංදියක් ගානේ මෙච්චර මස් කඩ, තැබෑරුම්, බාර් සහ ස්පාස් කොහොමද?

මෙච්චර අපරාධ, ලමා අපචාර සිද්ධ වෙන්නේ කොහොමද?

මිනි මරුවෝ, දුශකයෝ මේ රටේ රජ වෙන්නේ කොහොමද?

රජ කර වන්නේ කව්ද?

උගුරට හොරා බෙහෙත් කන එක දැන් වත් නැවැත්තුවෙත් හොඳ නැද්ද?

අපිට කරන්න බැරි වෙච්ච දේවල් එතකොට අලුත් පරම්පරාවට කරන්න ශක්තිය සහ දහිරිය එවුන්ට ලැබේවි.

අද ලෝකේ ඉස්සර වගේ මහා විසාල නැහැ තාක්ශණයේ දියුණුවත් එක්ක.

පල් පච වලින් අනාගත පරපුරවල් වල ඔලු ගෙඩි පුරවන එක දැන්ම නවත්වමු.

එත කොට උන් ටික උත්සහ කරාවි අර අපිව අන්දලා තිබ්බ ලෝකේ හොඳම රට මේ රට කරවන්න.

අපි උත්සහ කරමු. 

සහයක් දෙමු.





Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Arrivederci My Friend !

The Compounding Effect: Small Choices, Radical Transformation