හුඟක් මිනිස්සු නිකන් අමාරුවේ වැටෙන්නේ පතුලක් නැති කෑදර කම නිසාමයි.

ඔබට කවුරු හරි කියලා තියෙනවද ඔබ රුපියල් ලක්ශයක් ආයෝජනය කරලා ඒ ආයෝජනය මාස තුනක් වැනි කෙටි කාලයකින් රුපියල් ලක්ශ තුනක් කර ගන්න විදියක් ගැන.

කියලා නැතිවුනත් අහලා ඇති මගේ හිතේ. 

ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද? 

පුලුවන් විදිත් නැතුවා නෙමෙයි. 

හැබැයි අවසානයේ එහෙම කරලා එක්කෝ හිරේ විලංගුවේ තපින්න වෙනවා දිවි ගෙවෙනකම්, නැත්නම් ඉක්මන් මරණටකට පාර කපා ගන්න පුලුවන්.

සාධාරණ විදියට එහෙම මුදල් හම්බ කරන්න බැහැ. 

හුඟක් මිනිස්සු නිකන් අමාරුවේ වැටෙන්නේ පතුලක් නැති කෑදර කම නිසාමයි. 

ඔබ මෝඩ කමක් කරල ඒක වැරදුනාම, රටයටවත්, රටේ බැංකු ක්‍රමයටවත් බනින්න පටන් ගන්නත් එපා. 

රජයට වන්දි ගෙවන්න කියලා සමිති සමාගම් හදාගෙන වාතයක් වෙන්න හදන්නත් එපා. 

අපි බදු ගෙවන මිනිස්සු සම හරක් ගේ කුහක සහ මෝඩකම් වලට කර තියන්න ලෑස්තිත් නැහැ. 

ඔබ වැටුන වලෙන් ඔබම ගොඩ එන්න විදියක් හොයා ගන්න. 

හරි ගියෝත් නුඹත් අපිත් දෙගොල්ලෝම ගොඩ. 

හරි නොගියෝත් ඒක නුඹේ කෑදර කම නිසා කරපු ගොන් කමක් කියලා හිතාගෙන, හිත හදාගන්න බලන්න. 



සුබ ගමන්.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

The Compounding Effect: Small Choices, Radical Transformation

The Thin Line Between Public and Private: The Ranil Wickremesinghe Case and the Question of Accountability