ඔබ කොටස් හිමියෙක් නම්, සමාගමේ AGM එකට පෞද්ගලිකව සහභාගී වන්නේ ඇයි?
ඔබ කොටස් හිමියෙක් නම්, සමාගමේ AGM එකට පෞද්ගලිකව සහභාගී වන්නේ ඇයි?
බොහෝ ආයෝජකයන් ලාභාංශ (Dividend) ලැබීම හෝ කොටස් මිල ඉහළ යාම ගැන පමණක් අවධානය යොමු කරනවා. නමුත්, වාර්ෂික මහා සභා රැස්වීම (Annual General Meeting - AGM) යනු ඔබේ ආයෝජනය පිළිබඳ සෘජුවම දැනුවත්
විය හැකි වටිනා අවස්ථාවක්.
ඔබ AGM එකට සහභාගී විය යුතු හේතු කිහිපයක්
මෙන්න.
✅ සමාගමේ අධ්‍යක්ෂ
මණ්ඩලය සහ ප්‍රධාන කළමනාකාරීත්වය සෘජුවම හමුවීමට අවස්ථාව ලැබේ.
✅ ඔබට ඇති ප්‍රශ්න
සෘජුවම විමසා පිළිතුරු ලබා ගත හැකිය.
✅ වාර්ෂික වාර්තාවේ
නොපෙනෙන ව්‍යාපාරික තොරතුරු සහ අනාගත සැලසුම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.
✅ ඔබේ ඡන්ද අයිතිය
භාවිතා කර අධ්‍යක්ෂවරුන් පත් කිරීම, විගණක පත් කිරීම සහ අනෙකුත් වැදගත් යෝජනා සම්බන්ධයෙන් තීරණ ගැනීමට දායක විය
හැකිය.
✅ සමාගමේ
කළමනාකාරීත්වයේ විශ්වාසනීයත්වය, විනිවිදභාවය සහ වෘත්තීයභාවය ඔබේම ඇස් දෙකෙන් නිරීක්ෂණය කළ හැකිය.
✅ අනෙකුත් පළපුරුදු
කොටස් හිමියන් හා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබේ.
✅ ව්‍යාපාරයේ අනාගත ව්‍යාප්ති
සැලසුම්, නව ආයෝජන, අභියෝග සහ වර්ධන අවස්ථා පිළිබඳ සෘජු තොරතුරු දැනගත හැකිය.
✅ දැනුවත් ආයෝජකයෙකු
ලෙස ඔබේ ආයෝජන තීරණ වඩාත් බුද්ධිමත්ව ගැනීමට මෙය උපකාරී වේ.
✅ සමහර සමාගම් වාර්ෂික
වාර්තාව, ඉදිරිපත් කිරීම්, සමාගම් නිෂ්පාදන සාම්පල හෝ සිහිවටන ත්‍යාග ලබාදෙන අතර, සැහැල්ලු සංග්‍රහයක්ද සූදානම් කර තිබේ.
💡 මතක තබා ගන්න...
කොටසක් මිලදී ගැනීමෙන් ඔබ සමාගමේ කොටස් හිමියෙකු (හිමිකරුවෙකු) බවට
පත්වෙනවා. AGM එක යනු එම හිමිකම ක්‍රියාවෙන් පෙන්වීමට ලැබෙන හොඳම අවස්ථාවයි.
ඔබේ ඡන්දය, ඔබේ ප්‍රශ්නය සහ ඔබේ
අදහස වටිනා දෙයකි.
දැනුවත් ආයෝජකයෙකු වන්න. සක්‍රීය කොටස් හිමියෙකු වන්න.
ඔබ කොටස් හිමියෙක්ද?
එහෙනම් මේ ප්‍රශ්නයට
අවංකව පිළිතුරු දෙන්න...
ඔබ
මිලදී ගත් සමාගමක AGM එකකට
ඔබ කවදා හෝ පෞද්ගලිකව සහභාගී වී තිබෙනවාද?
👇 Comment එකේ "ඔව්" හෝ "නැහැ" කියලා පමණක් ලියන්න.
🔹 ඔබ මේ දක්වා සහභාගී වූ හොඳම AGM එක කුමන සමාගමකද? ඒ ඇයි?
🔹 AGM එකකදී ඔබ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අසන්න
කැමති ප්‍රශ්නයක් මොකක්ද?
🔹 ඔබ සිතන විදිහට ශ්‍රී ලංකාවේ සමාගම් AGM
වලදී ප්‍රමාණවත් විනිවිදභාවයක්
පෙන්වනවාද?
🔹 ඔබ AGM වලට සහභාගී නොවන්නේ ඇයි?
• ⏰ කාලය
නැති නිසා
• 🚗 දුර
වැඩි නිසා
• 🤔 අවශ්‍යතාවක්
දැනෙන්නේ නැති නිසා
• 📚 ඒ
ගැන දැනුවත් නැති නිසා
🔹 ඔබට අනුව AGM එකකට යාමෙන් ආයෝජකයෙකුට සැබෑ වටිනාකමක්
ලැබෙනවාද?
🔹 ඔබේ ප්‍රියතම CSE සමාගම කුමක්ද? ඒ සමාගමේ AGM එකකට යන්න අවස්ථාව ලැබුණොත් සහභාගී
වෙනවාද?
🔹 ඔබේ අදහසට අනුව AGM සජීවීව (Live Streaming) විකාශය කිරීම සියලුම සමාගම් සඳහා
අනිවාර්ය කළ යුතුද?
👇 ඔබේ
අදහස Comment කරන්න.
අනෙකුත් ආයෝජකයන්ගේ අදහස් කියවන්නත් අමතක කරන්න එපා!
"ඔබ මේ දක්වා කී වතාවක් AGM
එකකට
සහභාගී වී තිබෙනවාද?"
👍 එක
වතාවක්වත් නැහැ
❤️ 1–5 වතාවක්
🎉 5 වතාවකට වැඩිය
Comments