මට විතරද මෙහෙම හිතෙන්නේ

  • අලි මිනිස් ගැටුමට විසදුමක් නැද්ද ඇත්තටම? චන්ද්රිකා ඇරපු, වේගා හදපු, කොරෝනා හොයන රෝබෝ හදපු විද්වතුන්ට මේවට පිළිතුරු නැද්ද? තුවාලේ තියෙන කෙනාලු ඒකේ අමාරුව දන්නේ. ඔය නූගත් කියලා හිතෙන, අලි එනකොට දරුවෝ කර පින්නන් කැලා වදින මිනිස්සුන්ගෙනුත් අහල බැලුවොත් නරකද. ඔබේ උගත් කමට එය හානියක්ද?
  • චීවරය කියන්නේ ඇදිරි නීතිය වෙලේ ගංජා කසිප්පු අදින්න දෙන අවසර පත්රය වුනේ කවදා ඉදන්ද? බඩගින්නේ ඉන්න අයට මොනවා හරි දෙන්න ගිගින් අල්ලගත්ත නම් අපිටත් ආඩම්බරයි හාමුදුරුවනේ.
  • 5000 දෙන්නේ අවශ්ය අය බලලද නැත්නම් පාට බලලද? ග්රාම සේවකයි, සමුර්දි නියාමකයි හිටියම මදිද? පොහොට්ටුවේ එකෙකුත් ඔතනට මොකටද?
  • සිල් රෙද්දෙන් මිග් වැහුවත් ලසන්තගේ මරණය වහන්න නම් බැරි වෙයි මේ සසරේදී වත්.
  • කෑදරකම වැඩිවි නැවත ඉල්ලන් කෑමට සූදානම්.
  • පරක්කු වෙලා කරගත්ත හදියම ඉක්මන් වෙලාත් කරගනී වගේ? රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ කව්ද?
  • බාලගිරි දෝසේට කරන කෙම කොරෝනා වලට අවවලංගුද? කරලා බලමු. කොරෝනා රටින් පන්නමු.
  • දෙරණ පෙන්නන බා චාර්ට්ස් හරියට බාර් එකට ගිහින් ඇවිත් ඇදපු චාර්ට්ස් නම් වගේ තමයි. මේවට කියන්නේ බයි චාර්ට්ස් කියලා.
  • හැන්ද අතට ආවම පරම්පරා ගානකට ඇතිවෙන්න බෙදා නොගත්ත එකාට මෝඩයා කියන මිනිස්සු ඉන්න රටක් මේක.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Arrivederci My Friend !

The Compounding Effect: Small Choices, Radical Transformation