සම හරක්ගේ හිතේ හමුදාවට කරන්න බැරි දෙයක් නැහැ කියලා.
ඒ හිංදම තමයි අපිට හොඳ හමුදා පාලනයක් කිය කියා මේ මී හරක් ටික සමාජ මාධ්‍ය ජාලාවල තවමත් තප්පුලන්නේ.
ඊයේ තෙල් පෝලිමේ සිද්දියම ඇති හමුදාවට බලය නොතිබිලත් මේ විදියට හැසිරෙනවා නම් හමුදා පාලනයක් තිබුනොත් කොහොම හැසිරේවිද කියලා හිතා ගන්න.
වැඩි හරියක් හමුදා සේවයට බැඳුනේ රට බේර ගන්න නෙමෙයි.
දුප්පත් කමෙන් මිදෙන්න.
මතකනේ හසලක වීරයාගේ අන්තිම අම්මාට ලියපු ලියුමේ තිබුන දේ..
"අම්මේ
මම එන පඩියෙන් කකුස්සියක්
හදා ගන්න සල්ලි එවන්නම්" කියලා.
ඕක
තමයි වැඩි දෙනෙකුගේ ඇත්ත තත්වය.
චීවරයට සමුදීලා
හමුදා සේවයට බැඳුනු හසලක ගාමිණි වගේ අතලොස්සක් නැතුව නෙමෙයි.
නමුත් අද
මාතෘකාව ඒක නෙමෙයි.
ඇත්ත දේශප්‍රේමීන්
ගැන පස්සේ දවසක කතා කරමු.
හමුදා පාලනයක ආදීනව අපිට හොඳට දැන ගන්න ඕනේ තරම් පාඩම් තියෙනවා ඉතිහාසයෙන්.
ප්රශ්නේ තියෙන්නේ මේ මී හරක් පතක් පොතක් කියවන එකක්යෑ.
අර
අංඩුවේ හොරනෑ පෙට්ටියෙන් කියන ඒවා විතරනේ දන්නේ.
හිට්ලර්, මුසෝලිනි, සියා වුල් හක්,
මේ ලයිස්තුව නම් දිගයි.
ඒත් හමුදා පාලනයක් නිසා දියුණුවට පත් වෙච්ච රටක් නම් තාම හොයා ගන්න නැහැ.
ලොකුම ප්රශ්ණේ තමයි මේ මී හරක් රැලට ඔය ටික නොතේරීම.
පොතක් පතක් කියවන සිහි කල්පනාව හොඳට තියෙන කෙනෙකුට නම් කියලා හරි දෙන්න පුලුවන්.
ඒත් මේ අම්බරුවන් ගාව මේ දෙකම නැහැ.
දෙවියන් වහන්සේත් නබි තුමාට කිවිවේ කියවන්න පුරුදු වෙන්න කියලා.
දෙවියන් වහන්සේත් නබි තුමාට කිව්වෙත් කියවන්න පුරුදු වෙන්න කියලා.
පත්තර කාරයෝ ලියන්නෙත් ලිං මැඩි, දූපත් මානසිකත්වය වැඩි කරවන දේවල් විතරයි.
මුන් කොටු වෙලා ඉන්න කඳු වලල්ලෙන් එහා තවත් ලෝක තියනවා කියලා උන් ලියන්නෙත් නැහැ.
ඒ ලිව්වා කියලා වැඩක් තියේද කියලත් හිතෙනවා සම හරක් තාමත් හිතන විදිය දැක්කම මේ ඩිජිටල් යුගයේ.
හමුදාවට
ඕනේ දෙයක් කරන්නත් බැහැ, හමුදා පාලනයකින් දියුණු වෙච්ච රටකුත් නැති බවනම් ඇත්ත වශයෙන්ම නිවැරදියි.
තමන්ගේ හරි තමන්ගේ ලඟම කෙනෙකුට හමුදා සපත්තු පාරක් වදින කම් ඉතින් මේ ඊණියා දේශමාමක මී හරක් තප්පුලන එක නොනවතින බවත් සහතිකයි.
අන්න එදාට ඉතුරු ටික කතා කරමු.
No comments:
Post a Comment