Victory for the People ! අරගලයට ජය වේවා.

සම හරක් තාම හිතන් ඉන්නේ මේ රට මේ අගාදයට ඇද දැම්මේ අරගලය කරන කට්ටිය කියලා.

රටේ සංචිත නැතිවුනේ රාජ පස්ස හොරු රැල හොරකම් කරපු නිසා මිසක් ඒක අපි අතින් වෙච්ච වරදක් නෙමෙයි.

අපි කවදාද නිකන් තෙල් ගැහුවේ. ගෑස්, වතුර, විදුලිය ගත්තේ.

ගුවන් ගමන් නිකන් ගියේ.

මේ 2015 වේ ගමට ගිහින් ජනේලේ එල්ලිලා ලොකු කතා දාන්න හෙලිකොප්ටරයක් දීමේ වරද.

අද අපි මේ ගෙවනවා

ඒදා ගාළුමුවදොරට අරන් ඇවිත් කලයුතු දේ කලානම් මේවා වෙයිද.

එදා හෙලිකොප්ටරය දුන්න එකා තමත් වලි කනවා හොරු රැල රකින්න.

අද තියෙන වියවස්තාවෙන් මහජනයට ආරක්ශාවක් සහ සේවයක් නොවෙනවා නම් මොකද්ද ඒකේ ඇති ප්රයෝජනය.

හොරු රකින වියවස්තා අපිට මොකටද?

තරුණ පරපුරට දිසාව තිරණය කරන්න දෙමු.

අපිට කිසිම අයිතියක් නැහැ අරක කරන්න මේක කරන්න මෙහෙම කරන්න කියන්න.

අපි කිසිවක් නොකර ආඬි හත්දෙනා වගේ බලන් හිටපු නිසා තමයි මේ රටට මෙහෙම වුනේ.

අපේ වාරය ඉවරයි. 

දැන් තරුණයන්ගේ වාරයයි.

මේ රට සිම්බාබවේ තැනට ගෙනාවේ අපි.

තරුණ පරපුර එච්චර මෝඩයි  කියලා හිතන්නේ නැහැ මේක සෝමාලියවක් කරගන්න.

මේ කතා කියන්නේ බැරි වෙච්ච අපිම තමයි. 

මේවට තමයි සිංහගෙන් කියනේ දුකට කියන කවි කියලා.

මේ තරුණයෝ කොන්ඩා රැවුල් වවාගෙන හිටියට, ලංකාවේ ප්රසිද්ද යැයි කියා ගනනා පාසල් වලට නොගියට වැඩක් කරන්න බැරි පිරිසක් නෙමේයි.

ටයි කෝට් දාගෙන කටේ තොලේ නොගැවෙන්න ඉංග්රිසි කතා කරපු කලු සුද්දෝ කල හානිය මදිද.

අරගලයට රටේ දිසානතිය හොයා ගන්නට ඉඩ දෙන්න.

හැකි සහයෝගයක් තියෙනවා නම් අපි ඔහුන්ට දෙමු.

වැඩිහිටි සහ අසාර්ථක පරම්පරාව වන අපට ඉතිරිව ඇති එකම මිදීම එයයි.

අරගලයට ජය වේවා.





Comments

Popular posts from this blog

Who Will Tame the Beasts on Our Roads?

Hitchhiking in Sri Lanka: Why It’s Rare for Locals but Easy for Tourists

Unravelling the Theories Behind the Tragedy