රටේ නීතිය සහ සාමය සුරැකීම !

අද රටේ නීතිය හා සාමය කොහිදැයි සමාජ මාධ්‍යවල ඇතැම් අය අසන අතර, එය ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් බවත් මම විශ්වාස කරමි.

ප්‍රශ්නය හොඳින් විග්‍රහ කිරීමට නම් ප්‍රථමයෙන් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයිය යුතුය.

පළමුවැන්න රටක නීතිය හා සාමය තහවුරු කළ යුත්තේ කවුරුන්ද යන්නයි.

එය බලයේ සිටින රජය සමඟද නැතිනම් වෙනත් අයෙකු සමඟද ඇත්තේ ?

පැහැදිලිවම, දැනට බලයේ සිටින්නේ තේරී පත් වූ රජයක් වන අතර, ඔවුන් රටේ නීතිය හා සාමය තහවුරු කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇත්නම්, ඔවුන්ගේ එම අසාර්ථකත්වය සම්බන්ධයෙන් තුන්වන පාර්ශවයට දොස් පැවරිය යුතු නැති බවයි මගේ අදහස නම්.

දෙවනුව, නිරායුධ විරෝධතාකරුවන්ට පහර දීම සඳහා සිර දඬුවම් නියම වූ සිරකරුවන් යොදා ගැනීම රටේ නීතිය හා සාමය කඩ කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලි දර්ශකයකි.

තෙවනුව, මෙම කතිකාවේ වේලාව සහ දැන් එය කරන්නේ කවුද යන්න ගවේෂණය කිරීමද  ඉතා වදැගත් වේ.

වත්මන් ආණ්ඩුව එය දිනපතාම අමු අමුවේ මරා දමද්දී දැන් සමාජ මාධ්‍යවල දැඩි ලෙස ඝෝෂා කරන අය සිටියේ දැඩි නිද්‍රාවකය.

එක් උදාහරණයක් නම් උසාවි තුනකින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ වරදකරුවෙකු වූ මිනීමරුවෙකුට ජනාධිපති සමාව ලබා දීම සහ මේ සම්බන්දයෙන් ඔවුන් කිසි විටෙකත් විරෝධය පළ කරමින් වචනයක්වත් නොකීවේ ඇයි.

ඔබේ ස්වයං-පනවා ගත් නින්දටම ආපසු යන්න.

ඔබේ රටින් පැනගිය ඊනියා වීරයන් විසින් ඉතිරි කර ගිය අවුල අවසානයේ තරුණයින්ට නිරාකරණය කිරීමට ඉඩ දෙන්න.

රැල්ලට පිලිතුරු හොයා දෙන්න ඉඩ හරිමු දැන්

ඔය සද්දම්බිරාළලාගේ තප්පුලීම වලට දැන් කවුරුත් ඇහුම් කන්න දෙන්න සූදානම් නැත..

රටේ නීතිය සහ සාමය සුරැකීම, සඩ්ඩම්බිරාළලාට තේරෙන බාසාවෙන්ම.













Comments

Popular posts from this blog

Who Will Tame the Beasts on Our Roads?

Hitchhiking in Sri Lanka: Why It’s Rare for Locals but Easy for Tourists

Unravelling the Theories Behind the Tragedy